සහනෝදා පදනමේ නිර්මාතෘ දානපති බන්දුල වීරවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ කළුතර ප්‍රදේශයේ දානපති පවුලක උත්පත්තිය ලැබූවෙකි.වයස අවු 17 දී වැඩිදුර අධ්‍යාපනය සදහා එංගලන්තයට ගිය එතුමා එහිදී ඉතා සාර්ථක ලෙස උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර එංගලන්තයේ අන්තර්ජාතික ඛනිජ තෙල් ව්‍යාපාරය සම්බන්ධව අධ්‍යනය කිරීමට පෙලඹුනි.ඉතා කෙටි කාලයකදී එම අධ්‍යයන ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වයට පත් වීමට එතුමාට හැකි විය.ඉන් අනතුරුව ජාත්‍යන්තර නාවික ව්‍යාපාරයට සම්බන්ධ වූ එතුමා එංගලන්තයේ නැව් සමාගමක හිමිකාරිත්වයත් සමඟම ශ්‍රී ලංකාවේ පළමුවෙනි නැව් සමාගම් හිමිකරු බවට පත් විය.එතුමාගේ ව්‍යාපාරයන් එංගලන්තයේ පැවතියද එතුමා තම මව්බිම වූ ශ්‍රී ලංකාව පිළිබඳව සොයා බැලීමට අමතක නොකලේය.බෞද්ධ පවුල් පරිසරයකට අයත් වූ එතුමා ශ්‍රී ලංකාවේ දිළිදු අසරණ සහ උදව් අවශ්‍ය වූවන් ගැන සොයා බලා හැකි පමණින් උදව් උපකාර කිරීමට නිතරම ඉදිරිපත් විය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් උදව් උපකාර අවශ්‍ය අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අවසානය දක්වාම උදව් ලබා දීම තුළින් එම දරුවන් සමාජයේ උගතුන් බුද්ධිමතුන් බවට පත් කර ඇත.