මුල්පිටුව | සහනෝදා පදනම | වැඩිහිටි නිවස | ළමා අරමුදල | සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය | Login |
නිර්මාතෘවරයාගේ පණිවිඩය | සභාපති ස්වාමින් වහන්සේගේ පණිවිඩය | පාලක මණ්ඩලය
| අරමුදල් සම්පාදනය | අපිව අමතන්න | සමාජ‍ මෙහෙවර | පුවත්|විද්‍යුත් තැපෑල| වීඩියෝ පිටුව
සහනෝදා පදනම

පසුබිම
මිනිස් දිවිය ළමා තරුණ මහලු යනුවෙන් අවස්ථා 03ක් ලෙස හදුන්වා දිය හැකිය.පුද්ගලයෙකු ජීවත්වන කාලසීමාව තුළදී විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු‍වේ.ඒවා ස්වභාවික හෝ අස්වාභාවික විය හැකිය.පිහිට අවශ්‍ය අයට පිහිටවීම මිනිස් කමකි.එය උතුම් ගුණයකි.
දැයේ දරුවන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොයෙකුත් හේතුන් මත අසරණ තත්වයට පත්ව ඇත.ඔවුන් අතරෙන් මන්ද පෝෂණයෙන් පෙළෙන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවති.තවත් කොටසක් මෙහෙකාර සේවයට මැදිවී සිටින අතර තවත් පිරිසක් ලිංගික සූරාකෑමට භාජනය වී සිටිති.ඊට ද අතිරේකව තවත් පිරිසක් මහමඟ සිඟමන් යදිමින් සිටිති.තරුණ පිරිස් අතරද බහුතරයක් අසහනය හා විරැකියාවට ලක්ව සිටිති.එහි ශෝචනීය තත්වය වී ඇත්තේ මෙම පිරිසෙන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී සිටීමය.ඇබ්බැහි වීමය.
මේ අතර දිවියේ සැඳෑ සමය ගෙවමින් දරුවන්ගේ රැකවරණය මැද ජීවත්විය යුතු මහලු පිරිසකට ඒ හිමිකම අහිමි වී ඇත.වැඩිහිටි නිවාස වල පිහිට පතන සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී.ඉතාම දුක්ඛිතව මහමග දිවි ගෙවන සංඛ්‍යාව මීටත් වඩා ඉහළ අගයක් ගෙන ඇත.
මේ අයට ඉටුවිය යුතු යුතුකම් තම පවුලෙන් ඉටු නොවන්නේ නම් එය රජයෙන් හෝ ස්වේච්ජා සංවිධාන මගින් ඉටුවිය යුතුය.එහි පංගු කරුවකු හෝ හවුල් කරුවකු වන්නට 1992 වසරේදී සහනෝදා පදනම පිහිටුවා ගතිමු.අපේ අරමුණ ඉහතින් සඳහන් කළ ළමා තරුණ වැඩිහිටි පිරිසගේ යහපත උදෙසා සේවය කිරීමය.
ලියාපදිංචිය

  • සමාජ සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කර ඇත.
  • සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ සමිති ආඥා පනත යටතේ විශේෂයෙන් බලය ලත් සමිතියක් අ වශයෙන් ලියාපදිංචි කර ඇත.
  • ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2000 අංක 20 දරණ පනත මගින් සංස්ථාගත කොට ඇත.
  • සහනෝදා වැඩිහිට් නිවාසය 2000 අංක 38 දරණ දේශිය ආදායම් පනතේ 31 (7) (අ) වගන්තිය යටතේ රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත.

සහනෝදා පදනමේ දැක්ම
මානව ගරුත්වය සමතාවය සහ සමාජ සාධාරණත්වය යන ගුණාංග වලින් පිරි සමාජයක් බිහි කිරීම.

සහනෝදා පදනමේ මෙහෙවර
ස්වයං පෝෂිත යුක්ති ගරුක ජන සමාජයක් බිහි කිරීම සඳහා ප්‍රජාව බල සතු කිරීමේ ක්‍රියාවලියට සක්‍රිය ලෙස දායක වීම.

සුවිශේෂ අරමුණු

  • ජනතාවගේ සෞඛ්‍ය ,පෝෂණ සහ අධ්‍යාපනික තත්වය නගා සිටුවීම.
  • වැඩිහිටියන්ගේ සහ කුඩා ළමුන්ගේ සුබ සාධනය ඉහළ නැංවීම.
  • සමාජයේ පෞද්ගලික සාරධර්ම වර්ධනය සඳහා ක්‍රියාකිරීම.
  • දිළිදු පවුල් වල ආදායම් මට්ටම් ඉහළ නැංවීම සදහා ක්‍රියා කිරීම.
  • පාරිසරික සම්පත් සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම.
  • ජාතික සහ ජාත්‍යන්තර සහයෝගය ඇතිව ජනතාවගේ පොදු සේවාවන් ඉටුකිරීම.

 

අගයන්

  • පොදු මහජනතාවගේ උපරිම යහපත වෙනුවෙන් කැපවීම.
  • විනිවිද භාවයෙන් යුතුව ක්‍රියා කිරීම.
  • ආයතන හා පුද්ගලයින් අතර අනනෝන්‍ය සහයෝගය පවත්වා ගැනීම.
  • ක්‍රමවත් බව.
  • නව්‍යතාවයෙන් යුක්ත වීම.
  • සහභාගිත්වයෙන් තීරණ ගැනීම.
  • ගුණාත්මක බව හා ප්‍රතිලාභින්ගේ තෘප්තිය.
  • පුහුණුව සහ ඉලක්ක ප්‍රජාව බල සතු කිරීම.

 

ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාකාරකම්

    • මන්ද පෝෂණය පිටු දැකීමේ ප්‍රජා සහභාගිත්ව ළමා පෝෂණ වැඩසටහන.
    • තරුණ පරපුර ඉලක්ක කර ගත් මත්ද්‍රව්‍ය නිවාරණ හා පුනරුත්ථාපන වැඩසටහන්
    • සහන උදය වැඩිහිටි සරණ සේවය.
    • මායිම් ගම්මානවල ජනතාවගේ සුභ සාධන කටයුතු සිදු කිරීම.
    • ප්‍රජා ජල සම්පාදන හා සනීපාරක්ෂක ක්‍රියාවන් ඉටු කිරීම.
    • දිළිඳු ගම්මාන සදහා මූලික යටිතල පහසුකම් නගාසිටුවීමේ කටයුතු ( මාර්ග පිළිසකර කිරීම.නිවෙස් ඉදිකිරීම,පාසල් සහ වෙනත් ඉදිකිරීම්,වැව් අමුණු සහ ඇළවල් පිළිසකර කිරීම් යනාදිය)
    • අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සහ උපදේශන සේවා කටයුතු
    • ශ්‍රී ලංකාව තුළ සිදුවන ආපදා (නියඟ/ගංවතුර) අවස්ථාවන්හිදී පීඩාවට පත් ජනතාවට සහන සේවා සැපයීම.

  • මුල්පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න
  • භාවිතය
  • ප්‍රතිපත්ති

2010 සහනෝදා පදනම. සියලු හිමිකම් ඇවරිණ