මුල්පිටුව
|
සහනෝදා පදනම
|
වැඩිහිටි නිවස
|
ළමා අරමුදල
|
සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය
|
Login
|
නිර්මාතෘවරයාගේ පණිවිඩය
|
සභාපති ස්වාමින් වහන්සේගේ පණිවිඩය
|
පාලක මණ්ඩලය
|
අරමුදල් සම්පාදනය
|
අපිව අමතන්න
|
සමාජ මෙහෙවර
|
පුවත්
|
විද්‍යුත් තැපෑල
|
වීඩියෝ පිටුව
නිර්මාතෘවරයාගේ පණිවිඩය
අප ජීවත්වන සමාජයේ අන්‍යයන්ට උපකාර කිරීම උතුම් ගුණධර්මයකි.වත්මන් සමාජයේ තරුණ පරපුරට මෙන්ම බාල පරපුරටද මෙම උතුම් ගුණධර්මයන් පුරුදු පුහුණු කළ යුතුව ඇත.
පිහිටක් අවශ්‍ය පුද්ගලයන්ට පිහිට වීම ආරම්භ කලේ මා යුරෝපයේ ජීවත්වූ කාලයේ සිටය. එම වකවානුව තුළ කිසිම දිනක මට මගේ මව්බිම අමතක නොවීය.මා මව්බිමට පැමිණෙන හැම අවස්ථාවකදීම මගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් සිනාමුසු මුහුනින් මා බැහැ දැකීමට පැමිණෙන දිළිදු ජනතාව මට හැම විටකදීම මතකයට නැගේ.යුරෝපයේ වාසය කලත් මගේ රටේ ජනතාවගේ ආචාරශීලි සුහදශීලි හා සංස්කෘතික වටිනාකම් සිහිපත් වන හැම අවස්ථාවකදීම මම මගේ රට ගැන ආඩම්බර වුනෙමි. .මේ නිසාම මම මගේ ඥාතිමිත්‍රාදීන්ගේ මාර්ගයෙන් ලක්වැසියන්ට උදව් උපකාර කිරීම අඛණ්ඩව සිදු කළෙමි.එවැනි අවස්ථාවකදීයි මට හපුතලේ පඤ්ඤාරාම හිමිපාණන් වහන්සේ මුණ ගැසුනේ.උන්වහන්සේ දුකට පත් පිහිට අවශ්‍ය අයට පිහිටවෙමින් ක්‍රියා කරන ස්වාමින් වහන්සේ නමකි.උන්වහන්සේගේ සමාජ මෙහෙවර පිළිබඳව සතුටට පත් වූ මම හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේට සහයෝගය ලබා දීමට කටයුතු කළෙමි.උන්වහන්සේගෙන් මා කරන ලද ඉල්ලීමකට අනුව පළමුකොට මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වූ පුද්ගලයන් එයින් මුදවා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. එයට සමගාමිව මත්ද්‍රව්‍ය භාවිතයේ ආදිනව පිළිබදව පාසල් ශිෂ්‍ය නායක නායිකාවන් යෞවන සමාජ නායක නායිකාවන් දැනුවත් කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කළෙමි.ඒවායේ ප්‍රතිඵල ඉතාමත් සාර්ථක විය.උන්වහන්සේට බාරදෙන ඕනෑම කාර්යයක් ඉතා කෙටි කලකදී ඉතා උසස් මට්ටමින් සංවිධානය කිරීමේ හැකියාව උන්වහන්සේ තුළින් මා දුටු විශේෂ ලක්ෂණයකි.දුකට පත් අසරණයන්ට පිහිටවීමේ උදාර අරමුණ ඇතිව උන්වහන්සේ සමග එක්ව සහනෝදා පදනම ආරම්භ කළෙමි.සහනෝදා පදනම මගින් රටපුරා විවිධ සමාජ සත්කාරක වැඩසටහන් ක්‍රියාවට නැඟුනි.බොහෝ අවස්ථාවල ඒවාට මටද සහභාගි වීමට අවස්ථාව ලැබුනි.එවන් බොහෝ තැන්වලදී දක්නට ලැබුනේ දරුවන් හදා වඩා සමාජයට දායාද කල අඩු ආදායම් ලාභි අසරණ වැඩිහිටියන්ගෙන් බොහෝ දෙනෙක් තම ජීවිතයේ සැදෑ සමයේ කිසිවකුගේ හව්හරණක් නොමැතිව සිටින බවයි.එහිදී මා කල්පනා කලේ එවැනි අසරණ වැඩිහිටියන්ව රැකබලා ගැනිම අප සතු යුතුකමක් හා වගකීමක් බවයි.ඒ අනුව හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ සමඟ මේ පිළිබඳව දීර්ග ලෙස සාකච්ජා කොට කිසිවකුගේ හව්හරණක් නොමැති අසරණ වැඩිහිටියන් වෙනුවෙන් සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය ආරම්භ කරන්නට යෙදුනි.
මෙම වැඩිහිටි විවේකාශ්‍රමය ආරම්භ කර වසර කිහිපයකට පසුව ලංකාවේ හොදම වැඩිහිටි නිවාසයට හිමි සම්මානය දිනාගැනීමට හැකිවීම අප ලද විශිෂ්ට ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුම ඛේදවාචකය වූයේ සුනාමි ව්‍යවසනයයි.ඒ අවස්ථාවේදි මාධ්‍ය තුළින් මට දැනගන්නට ලැබුනේ දෙමාපියන් අහිමි වූ දරුවන් විශාල ප්‍රමාණයක් අසරණව සිටින බවයි.ඒ මොහොතේම මා පූජ්‍ය හපුතලේ පඤ්ඤාරාම ස්වාමින් වහන්සේ සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී මෙම අසරණ දරුවන් පිළිබදව සොයා බලා සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උන්වහන්සේට දැන්විමි..එහි ප්‍රතිඵලයක් ලෙස දෙමාපියන් දෙදෙනාම හෝ ඉන් එක් අයෙකු අහිමි වූ දරුවන් 650 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව ලබා දීමට සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදල ආරම්භ කිරීමට හැකිවිය..
අසරණ භාවයට පත් අඩු ආදායම් ලාභි පවුල්වල ආර්ථික සාමාජික ප්‍රශ්න වලට විසදුම් ලබා දීම සදහා සහනෝදා පදනම පිහිටුවීමට හැකිවීම පිලිබදව මම ඉතාමත් සතුටට පත්විමි.
ශ්‍රී ලාංකිය සමාජය නීතිගරුක හා යුක්තිගරුක ශිෂ්ට සම්පන්න ජන කොට්ඨාශයක් වනු දැකීම මාගේ එකම අභිලාශයයි.
බන්දුල වීරවර්ධන
නිර්මාතෘ
සහනෝදා පදනම