2004 දෙසැම්බර් මස 26 වැනි දින ඇතිවූ සුනාමි ව්‍යවසනයෙන් දෙමාපියන් දෙදෙනාම හෝ ඉන් එක් අයෙකු අහිමි වූ දරු දැරියන් 650 දෙනෙකු සදහා මාපිය කැපකරුවන්ගේ දායකත්වයෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදී ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා ක්‍රියා කළෙමු.එසේ වුවත් වර්ථමානයේ පවතින ආර්ථික අර්බුද හමුවේ මේ වන විට මා පිය කැපකරුවන් 300ක් පමණ වැඩසටහනෙන් ඉවත්ව ඇත.එබැවින් එම දරුවන්ගේ අධ්‍යාපනය අවසන් වනතුරු එක් ළමයෙකු හෝ දරුවන් කීපදෙනෙකු භාරගැනීමට ඔබට අවකාශය ඇත.
වැඩි විස්තර සදහා….සහනෝදා මාපිය කැපකරු ළමා අරමුදලට පිවිසෙන්න.
වැඩිහිටි නිවාස ගොඩනැගිලි සංකීර්ණයේ ඉතිරි කොටස ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇත.වැඩිහිටියන් 60 දෙනෙකුට නේවාසික පහසුකම් සලසා දිය හැකි අතර රෝගි වැඩිහිටියන් 20 දෙනෙකුට ප්‍රමාණවත් දැඩි සත්කාර ඒකකයක්ද ඊට ඇතුළත් වේ.ඊට අමතරව සහනෝදා පදනමේ සහ වැඩිහිටි විවේකාශ්‍රමයේ කාර්ය මණ්ඩලය පුහුණු කිරීම සදහා අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඇතුළත් වන අතර මෙම ගොඩනැගිල්ල මහල් 03 කින් සමන්ව්ත වේ.වැඩිදුර තොරතුරු සදහාසහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නව ගොඩනැගිල්ල වෙත පිවිසෙන්න.
වැඩිහිටියන්ගේ සුභ සාධනයට සිදු කෙරෙන සේවාවන් දැන ගැනීම සදහා….සහන උදය වැඩිහිටි නිවාසය පවත්වා ගෙන යාමවෙත පිවිසෙන්න.
සහනෝදා පදනමේ සෞඛ්‍ය වැඩසටහන්වල වැඩි විස්තර සදහා ….සහනෝදා සෞඛ්‍යය ආරක්ෂණ ව්‍යාපෘතිය වෙත පිවිසෙන්න.