මුල්පිටුව | සහනෝදා පදනම | වැඩිහිටි නිවස | ළමා අරමුදල | සෞඛ්‍ය ආරක්ෂණ ව්‍යාපෘතිය | Login |
නිර්මාතෘවරයාගේ පණිවිඩය | සභාපති ස්වාමින් වහන්සේගේ පණිවිඩය | පාලක මණ්ඩලය
| අරමුදල් සම්පාදනය | අපිව අමතන්න | සමාජ‍ මෙහෙවර | පුවත්|විද්‍යුත් තැපෑල| වීඩියෝ පිටුව
සහන උදය වැඩිහිටි නිවාසය  පවත්වා ගෙන යාම ‍‍
21 වැනි සියවසට පා තබන ශ්‍රී ලංකාවේ ස්වකීය පවුල තුල අද වන විට තම වැඩිහිටියන් රැක බලා ගැනීම අර්බුදයක් බවට පත්ව ඇත.සාම්ප්‍රදායික පවුල් පද්ධතිය තුළ එදා වැඩිහිටියා සුරක්ෂිත පුද්ගලයෙකු වුවද විවිධ සමාජ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් වැඩිහිටි පරම්පරාව නොසලකා හරින තත්වයේ ගැටළුවක් අද සමාජයේ නිර්මාණය වී ඇත.මේ අවාසනාවන්ත තත්වයට ඉවහල් වූ ඓතිහාසික සාධක මෙන්ම නූතන සමාජය විසින්ම නිර්මාණය කරන  ලද බොහෝ හේතුන්ද ඇත.ලොව වෙන කිසිම රටක දක්නට නැති ආකාරයට අප රටේ වැඩිහිටි ජන ගහනය ජන සංඛ්‍යාවේ විශාල ප්‍රතිශතයක් නියෝජනය කරන අතර ඒ තුළින් ඉතිහාසයේ කිසි දිනක දක්නට නැති සමාජ ප්‍රශ්නද අසන්නට පවතී. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී පවුලක යැපෙන්නන් විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමේ  අභියෝගයට මුහුණ දෙන්නන් විසින් පළමුව ප්‍රතික්‍ෂේප කිරීම් හා නොසලකා හැරීම්වලට අළුතින්ම සංක්‍රමණය වන කණ්ඩායම වන්නේ වයස්ගත වැඩිහිටියන්ය.
මෙම අවාසනාවන්ත තත්වය නගරබද සංස්කෘතිය පුරා පැතිර ඇති අතර 85% ක් නියෝජනය කරන ග්‍රාමිය ජනතාවටද මෙය බැරෑරුම් ප්‍රශ්නයක් වී තිබේ.මේ සම්බන්ධව රටතුළ ක්‍රියාත්මක වන රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරි සංවිධාන වල සමස්ථ ශක්තියම අද ප්‍රමාණවත් නොවීමත් අවශ්‍යතාවයට සහ ඉල්ලුමට සරිලන පහසුකම් සැපයීමේ ගැටළුවටත් ඔවුහු මුහුණ පා සිටිති.මේ සියළු සමාජ ආර්ථික හා පාරිසරික සාධක සැලකිල්ලට ගනිමින් වැඩිහිටියන් සුරක්ෂිතව රැක බලා ගැනීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කොට  මෙම සමාජ ප්‍රශ්නයේ බර යම් තරමකට හෝ අවම කිරීමේ අභිලාශයෙන් මෙම වැඩිහිටි විවේකාශ්‍රමය ඉදි කිරීමට සැලසුම් කළෙමු.
ව්‍යාපෘතියේ අරමුණු
  1.  පවුල් ඒකකය තුල රැකබලා ගැනීමට හා පෝෂණය කිරීමට කිසිවෙකු නැති  වැඩිහිට් පුද්ගලයන් නේවාසිකව රැක බලා ගැනිම.
  2.  මෙම වැඩසටහනේ සෘජු ප්‍රතිලාභින් වන්නේ වයස අවු 60 ඉක්ම වූ වැඩිහිටියන්ය.ඔවුන් තෝරා ගැනීමේදී පහත සදහන් කරුණු පිළිබඳව අවධානය යොමු කර ඇත.
    1. වැඩ සටහනේ ඉලක්ක කණ්ඩායම අඩු ආදායම් ලබන පුද්ගලයන් නිසා මුදල් අය කිරීමකින් තොරව සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කර ඇත.
    2. වැඩිහිටියන් රැක බලා ගැනීමට හෝ පෝෂණය කිරිමට පවුලේ සාමාජිකයන් අපොහොසත් වූ විට එම වැඩිහිටියන් රැක බලා ගැනීම.
    3. රැක බලා ගන්නන් සිටියද බාහිර සංවිධානයක පිහිටක් නොලැබීමේ හේතුවෙන් වැඩිහිටියාගේ සුරක්ෂිත භාවය අහෝසි වන්නේ යැයි නිගමනය වූ විටක එවැනි වැඩිහිටියන් රැක බලා ගැනීම.
    4. උසාවිය ඇතුළු විවිධ විධිමත් සංවිධානවල මග පෙන්වීම යටතේ රැක බලා ගැනීමට නියෝග ලත් අය වීම.
    5. අංග විකල මන්ද මානසික තත්වයන්ගෙන් තොර සාමාන්‍ය ජීවිතයට අනුගත වීමට සුදුසු අය වීම.
සුවිශේෂ අරමුණු
  1.  නේවාසික වැඩිහිටියන්ගේ කායික වර්ධනයක් ඇති කරලීම.
  2.  පෝෂණ මට්ටම උපරිම අයුරින් පවත්වා ගෙන යාම.
  3.  සෞඛ්‍ය සායන පැවැත්විම හා ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ අවශ්‍ය පරිදි ලබා දීමට කටයුතු කිරීම.
  4.  ගෘහස්ථ ක්‍රීඩා වැඩසටහන් වල දිනපතා යෙදවීම.
  5.  ආගමික වැඩසටහන් වලට යොමු කරවීම.
  6.  සංයම අභ්‍යාස හා භාවනා වැඩසටහන් වලට යොමු කරවීම.
  7.  වන්දනා හා විනෝද ගමන් වලට යොමු කරවීම.
වැඩිහිටි නිවාස සංකීර්ණය
මෙම ගොඩනැගිලි සංකීර්ණය නො.28 ඩී.එස්. කහවිට මාවත,අත්තිඩිය.දෙහිවල යන ස්ථානයේ පිහිටා ඇත.දිවංගත ඩී.එස් කහවිට මහතාට අයත්ව තිබූ මෙම ඉඩම අක්කර 2 1/2 කින් යුක්තය.එතුමාගේ අන්තිම කැමති පත්‍රයට අනුව ශ්‍රී ලංකාවේ මහා භාරකාරතුමා වෙත පවරා දී තිබූ මෙම ඉඩම අන්තිම කැමති පත්‍රප්‍රකාර අරමුණු ඉටු කිරීම සදහා වැඩිහිටි නිවාසයක් ආරම්භ කොට පවත්වා ගෙන යාමට මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් මෙම භූමි භාගය සහනෝදා පදනමට නීත්‍යානුකූල ගිවිසුමක් මගින් ලබා දෙන ලදි. නේවාසික ගොඩනැගිල්ල නිර්මාණය කිරිමේදි පුද්ගලයන් දෙදෙනෙකුට එක් කාමරයක්ද එවැනි  කාමර 2ක් සදහා  එක් නාන කාමරයක්ද එවැනි කාමර 08ක් සදහා විවෘත පොදු ස්ථානයක්ද සලසා දී ඇත.මෙහිදී විවේක ගැනිම රූපවාහිනි නැරඹීම පුවත්පත් ආදිය කියවීමට පහසුකම් සලසා දී ඇත.එක් මහලක වැඩිහිටි පුද්ගලයන් 16 දෙනෙකු සදහා පහසුකම් සලසා දී ඇති අතර මහල් 2කින් යුත් ගොඩනැගිල්ලේ වැඩිහිටි පුද්ගලයන් 32නෙකුට ඉඩ පහසුකම් ලබා දී ඇත. මීට අමතරව කාර්යාල ගොඩනැගිල්ල,දානශාලා ගොඩනැගිල්ල,මුළුතැන්ගෙය සහ  සේවක නේවාසිකාගාර සදහා ද පහසුකම් සලසා දී ඇත.මෙම ගොඩනැගිලි සංකීර්ණ සහනෝදා පදනමේ නිර්මාතෘ දානපති බන්දුල වීරවර්ධන මැතිතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකර අසරණ වැඩිහිටියන්ගේ පරිහරණය සදහා පරිත්‍යාග කර ඇත.

අරමුදල් සම්පාදනය කිරීම සදහා කෙරෙන ආරාධනයයි

සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමයේ නඩත්තු කටයුතු සදහා අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව පැන නැඟි ඇත.ආහාරපාන සේවක වැටුප් සහ පරිපාලන වියදම් ලෙස මසකට රු.200000ක පමණ මුදලක් වැයවේ.මෙය දානපති පරිත්‍යාගශීලින්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.වැඩිහිටි විවේකාශ්‍රමයේ තිරසාර පැවැත්ම සදහා අරමුදලක් පිහිටුවා ඇත.ඔබගේ නොමසුරු පරිත්‍යාග මුදල් හා චෙක්පත් මඟින් සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම අරමුදල් ගිණුමේ තැන්පත් කළ හැක.
   වැඩිහිටි වැඩසටහන්      ->

වැඩිහිටි නිවාසය ගොඩ නැගීම


ගිණුමේ නම - සහන උදය වැඩිහිටි විවේකාශ්‍රම අරමුදල
ගිණුමේ අංකය - 0410-01039858-001
බැංකුව - සෙලාන් බැංකුව අත්තිඩිය ශාඛාව
ක්ෂණික සංකේතය - SEYBLKLX
වැඩිදුර තොරතුරු පහත විද්‍යුත් තැපෑලට පිවිසීමෙන් ලබා ගත හැක.
ඊ මේල් - info@sahanoda.org
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය රජය පිළිගත් පුණ්‍යායතනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් මෙම වැඩිහිටි විවේකාශ්‍රමය සදහා ලබාදෙන සියලුම ආධාර මුදල් ආදායම් බද්දෙන් නිදහස් වේ.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය වුවහොත් කරුණාකර අමතන්න.
කාන්ති රන්දෙණි මිය
ගරු ලේකම්
සහන උදය වැඩිහිටි විවේකාශ්‍රමය
නො.28
ඩී.එස්.කහව්ට මාවත
අත්තිඩිය
දෙහිවල
දුරකථන - +94112761832
ෆැක්ස්   -  +94112761833

 

  • මුල්පිටුව
  • අපි ගැන
  • අපිව අමතන්න
  • භාවිතය
  • ප්‍රතිපත්ති

2010 සහනෝදා පදනම. සියලු හිමිකම් ඇවරිණ